Sunday, March 22, 2015

අපේම කුහක කම



I extracted below writing from a blog site.

ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත.
ප්‍රේමදාසගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උදාගම් හැදුනි, පාරවල් හැදුනි, කර්මාන්තශාලහැදුනි, දකුනේ ත්‍රස්තවාදය අවසන් විය.
අපිට ප්‍රේමදාස පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහුව ත්‍රස්තවාදීන් මැරුවාම අපි සතුටු වුනෙමු.

ඊලඟට චන්ද්‍රිකා ආවාය. ඇයගේ මිතුරු මිතුරියන්, සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දියුනු වූහ. අවුරුදු 11 රට එතනම තිබුනි. ආර්ථිකය පහලටම වැටුනි. මෙලෝ දියුනුවක් නැත. අපිට ලැබුන දෙයක් නැත. සිදුවුනේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි.
හැබැයි ඇය උසස් පවුලකින් නිසා අපේ ඊරිසියාවක් ඇය ගැන නොතිබිනි.

රාජපක්ෂගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උතුරේ ත්‍රස්තවාදය අවසන් විය, පාරවල් හැදුනි, වරායවල් ගුවන්තොටුපලවල් හැදුනි, නගර අලංකාරවිය, ආර්ථිකය දියුනු විය .
අපිට රාජපක්ෂව පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහු ඡන්දය පැරදුනාම අපි සතුටු වුනෙමු.

දැන් රනිල් බලයට පැමින ඇත. ඉහල පන්තියට අයත් ඔහු ගැනත් අපේ ඊරිසියාවක් නැත. ඔහුගේ මිතුරු මිතුරියන්, සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දැනටමත් දියුනු වන්නට පටන් ගෙන ඇත. රට එතනමය. ආර්ථිකය පහලටම වැටෙන ලකුනු දැනටමත් පෙනේ.. මෙලෝ දියුනුවක් වන පාටක් නැත. අපිට ලැබෙන දෙයක් නැත. සිදුවන්නේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි.
ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත.

ලංකාවේ අවාසනාව අපේම කුහක කම නොවේද ?